මගේ ගම


              නේක විද මල් ගොමුවල සුවඳ රැගෙන
ගඳපාන, බෝවිටියා ගස් අතරින්
පෙරී ආපු ඒ සිහිල් හුලඟ වෙනුවට හමා එන
අව්වට රත්වී කැකෑරුණ දූවිලි හුලඟේ
දෙසවන් පිනවූ විහඟ හඩ වෙනුවට ඇසෙනා
තුට්ටු දෙකේ ගායකයෙකුගේ මළ අඳෝනාවක් තුල,
මහ කැළය පරදා අහස උසට නැගුණු ගඩොල් බිත්ති අතරින්
අපේ කියා එකෙක් සොයාගත නොහැකි මුහුණු සියගණන් මැද
සොයමි මම
මා දුව පැන හැදී වැඩුණ

*....... මගේ ගම.......*

8 comments:

Shadow/හේමලයා June 29, 2010 at 6:39 AM  

නොවෙනස්වන එකම දෙය වෙනස්වීමයි........:(

දිල් June 29, 2010 at 10:52 AM  

කාලයේ වෙනස......ඔය දියුණුවට යටින් ඉරිතැලුන ස්වභාව ධර්මය....

මේ කැකෑරෙන පොළොවෙන් අපි හොයන සිසිලස කවදා හමුවෙයිද....
අපූරු නිර්මාණයක් කාලෙකට පස්සෙ....

Unknown June 29, 2010 at 1:08 PM  

@Shadow/හේමලයා
ඒක ඇත්ත...ඒ ඇත්තට අකමැත්තෙන් හරි මුහුණ දෙන්න ඕන...
අදහස් දැක්වූවාට ස්තූතියි..
@දිල්
ජයවේවා!!!
ඒ සිසිලස ආයිත් කවදාවත් හමුවන එකක් නෑ...
අදහස් දැක්වූවාට ස්තූතියි..
ජයවේවා!!!

රවා July 1, 2010 at 2:35 PM  

I hear the wind across the plain
A sound so strong - that calls my name
It's wild like the river - it's warm like the sun
Ya it's here - this is where I belong
Under the starry skies - where eagles have flown
This place is paradise - it's the place I call home
The moon on the mountains,The whisper through the trees
The waves on the water
Let nothing come between this and me
Cuz everything I want - is everything that's here
And when when we're all together - there's nothing to fear
And wherever I wander - the one thing I've learned
It's to here - I will always....always return

මෙක කාටූන් චිත්‍රපටියක එන ගීතයක්, මම ආසම කරන සින්දුවක්, අපි මෙ සුන්දරත්වයට බැඳිලා වැඩීයි දො කියලත් හිතනවා. මම කොහෙ ගියත් කියට හරි ගෙදරට ඇවිල්ලා ගෙදර ඇදෙ නිදාගන්න තමයි බලන්නෙ

Unknown July 1, 2010 at 3:04 PM  

ඒක ඇත්ත..කොලඹට ආපු කාලේ සති අන්තයක්, පොඩි නිවාඩුවක් එනකං බලාගෙන උන්නා ගෙදර යන්න..මොනතරම් අවුලක් තිබුණත් ගෙදර ඉන්න තමා මගෙත් කැමැත්ත..අදහසට ස්තූතියි..
ජයවේවා!!!

Unknown July 2, 2010 at 7:27 AM  

ඇත් මචං ඇත්ත. ගම ගෙදර වගේ තැනක් තව කොයින්ද? ඒ සුන්දරත්වය සදහටම නැති වෙලා යයිද කියලත් සැකයි.

Unknown July 5, 2010 at 7:46 AM  

හ්ම්...ඒක ඇත්ත...
ජයවේවා!!!

Thakshila July 5, 2010 at 12:26 PM  

කාලෙකින් මේ පැත්තේ ආවේ...
ගම ගැන කරපු ලස්සන නිර්මාණයක්...
හරිම අගෙයි මල්ලි...සුභ පැතුම්!!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.