මල් සහ පැණියෝ...


කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්නත් බැරිවුණා...
නිතර සිතට නැඟුණ අදහස් ටිකක් හා මේ දවස්වල සිතට වදදෙන සිතුවිලි ටිකක් ගලපන්නයි අද හදන්නේ..
නා නා විද මල්...එක එක පාට..එක එක සුවඳින්.. සමහර ඒවා පිපෙන්නට ත් කලියෙන් සුන්දරයි..ඔය අතරෙ මෙලෝ රහක් නැති මලුත් නැතුවාම නොවේ. සමහර මල්වල ලස්සන විතරයි.සුවඳක් නෑ. සුවඳ සමහර මල් ලස්සන නෑ..ලස්සන මල් හැම එකක් ම සුවඳ ත් නෑ.. සමහර මල් පිපෙන්නේ ඇසට පෙනෙන මානයේ.. අත ගැටෙන මායිමේ.. සමහර ඒවා තහනම් ගස්වල, ලංවෙන්නට නොහැකි උස අතුවල සමහර මල් තව ම කාගේවත් නෙත ගැටිලා නෑ...

එතකොට පැණියෝ??
ඒ තමා පැණි උරන්නෝ.. පැණි උරන බඹරු, මීමැස්සෝ, සමනල්ලුන්ගෙ වැඩේ ඉතින් මල් පස්සේ යන එක තමයි..
වෙලාවකට හිතෙනො මල්, තමන් ලඟට එන්න කියලා අඩගහනවද කියල ත්. ඕවා ඉතින් මල් තමා දන්නේ.. සමහර බඹරුන්ට මල්වල සුවඳ වැදගත් නෑ.. උන්ට ඕන ලස්සන විතරයි... පැණි විතරයි.. සමහර බඹරු නහින්නෙ ත් මල් නිසාම තමා... බඹරු ඉතින් මල් හොයාගෙන යන්නේ පැණි උදෙසා ම තමා... නෑ කියන බඹරෙක් නම් තව ම මට මුණගැහිලා නෑ..
ස්ත්‍රිය ත් හරියට මලක් වගේ..ඒක ප්‍රසිද්ධ කියමනක්. මම හිතන විදියට මල් ගැන කියපු ගොඩක් දේවල් ස්ත්‍රියට අදාලයි.. වැදගත් ම දේ තමයි ඔය සුවඳයි ලස්සනයි සාපේක්ෂ වීම. එකෙක් ට ලස්සනට සුවඳට පෙනෙන දේ තව එකෙක්ට කැත ගඳගහන එකක්.. ගැහැණියක් කොහොමද සුවඳ වෙන්??? මොනාහරි සුවඳ ගහන දෙයක් ගාල ද?
නෑ... ඇත්තට ම ඇය සතු ගති ගුණ වලින් තමයි ඇගේ ජීවිතේ සුවඳ හෝ ගඳ ගහන එකක් වෙන්..එතකොට පිරිමි?
ගොඩක් උන් බඹරු තමා.. එක මලකින් සෑහීමට පත්වෙන්නේ නෑ.. සමහරු දකින දකින මල් පස්සේ යනෝ.. කොහොම උන ත් එක මලක් පමණක් පතාගෙන ඉන්න බඹරු වාගේ ම එක බඹරෙක් ව පමණක් පතන මල් නැතුවා ම නොවේ.
සමහර පිරිමිත් පැණි උරන්නෝ වගේ.. එක ගැහැණියක්(පෙම්වතියක්)ගෙන් සෑහීමකට පත්වෙන්නේ නෑ.. උන් තමන්ට අවශ්‍ය දේ කරගෙන තවත් එකෙක් හොයාගෙන යනෝ.. සමහර ගැහැණු ත් එහෙම තමා.සමහර ගැහැණු පෙති හැලුණ මල් වගේ..ජීවිතේ වටිනා කියන දේවල් නැතිකරගෙන.. සමහර කෙල්ලෝ මල් වට්ටි වගේ අතින් අතට යනෝ.. ඒ වාගේ ම බිරියට,පෙම්වතියට හොරා වෙනත් ගැහැණුන් හොයාගෙන යන බඹරු වගේ පිරිමි ත් අද සමාජයේ කෙතරම් ඉන්නවා ද??


පිරිමියෙක් එක් ගැහැණියකගෙනු ත්, ගැහැණිය එක් පිරිමියකගෙනු ත් සෑහීමකට පත්වෙනවා යැයි කියන බෝඩ් එකක් අප සමාජ සංස්කෘතිය තුල ගසාගෙන ඇතිමුත් ලොවට හොරා මේ පුංචි රටේ කෙතරම් කියලා අවලම් වැඩ වෙනවාද?? පිරිමින්ගෙ අවලම් වැඩ නිසා අසරණ කෙල්ලන්, ගැහැණුන්, උන් වදාපු දරුවෝ කී දෙනෙක් මේ වෙද්දි දුක් විඳිනවා ද?? ඒ වාගේම අවලමේ ගිහින් තමන්ගේ වටිනා ජීවිත වනසගත් ගැහැණු(කෙල්ලන්) මේ රටේ කොතෙකු ත් සිටිනවා ද?? අවලමේ යන උන් ටික දවසක් යද්දි ඒකට ඇබ්බැහිවෙනෝ.. ගොඩක් උන් දන්නවා උන් කරන්නෙ වැරැද්දක් කියලා.. ඒ උනාට සමහර උන් දන්නෙත් නෑ උන් කරන්නෙ වැරැද්දක් කියලා. ඒ වගේ ම අවලමේ යන ගැහැණුන්, පිරිමින් ගේ පවුල් ජීවිත කොහොම ද? ඒවා මිහිපිට අපායවල් වගේ. අන්තිමට දුක්විඳින්නේ උන්ට ජාතකවුන අසරණ දරුවෝ.. සමහරුන්ට අප්පෙක් නෑ.. සමහරුන්ට අම්මෙක් නෑ. උන්ට ඉස්කෝලෙකට යන්න විදියක් නෑ.. ගොඩක් උන්ට උප්පැන්න සහතිකයක් නෑ.. සමස්ථ සමාජය ගෙන බැලුවොත් ඔය ගොඩක් ඒවාට වගකියන්න ඕනෙ පිරිමි. සමහර සමාජ මට්ටම්වල පිරිමින් අභිගවා ගැහැණු අවලම් වැඩවල.... ගොඩක් උන් මේ නිරුවත සල්ලිවලින්, තමන්ගේ තනතුරු, තානාන්තර වලින් වසාගෙන ඉන්නේ..
ඉතින් අපේ මේ මල් සහ පැණි ජීවිත ගැන ටිකක් හිතුවොත් නරක ද??

11 comments:

Rajitha Prabath June 12, 2010 at 7:57 PM  

යාලුවේ ,ගොඩක් මිනිස්සු ඔය ඇත්ත පිලි ගන්න කැමති නැ නේද...
තමන්ගේ දේ පමණක් ඉටු කරගන්න දගලන සමාජයක අපිට ඔය දේ බලාපොරොත්තු වෙන්නත් බැ තමයි ඉතින්.මගේ හිතෙත් ඔය හැගිම තියෙනවා යාලුවේ.එත් අපි.......................

Unknown June 12, 2010 at 9:12 PM  

@ Rajitha Prabath/
අදහස් දැක්වූවාට ස්තූතියි...
ගොඩක් උන් ඇත්ත දකිනවා..නමුත් ඒක ඇත්ත කියලා උන් පිළිගන්නේ නෑ.. පිළිගන්න බෑ. මොකද බහුතරය ඒ වැරැද්දේ හවුල්කාරයෝ වෙලා..

නිරහංකාර අහිංසකාවි June 15, 2010 at 2:13 AM  

පිරිමින්ගෙ අවලම් වැඩ නිසා අසරණ කෙල්ලන්, ගැහැණුන්, උන් වදාපු දරුවෝ කී දෙනෙක් මේ වෙද්දි දුක් විඳිනවා ද?? ඒ වාගේම අවලමේ ගිහින් තමන්ගේ වටිනා ජීවිත වනසගත් ගැහැණු(කෙල්ලන්) මේ රටේ කොතෙකු ත් සිටිනවා ද?? අවලමේ යන උන් ටික දවසක් යද්දි ඒකට ඇබ්බැහිවෙනෝ.. ගොඩක් උන් දන්නවා උන් කරන්නෙ වැරැද්දක් කියලා.. ඒ උනාට සමහර උන් දන්නෙත් නෑ උන් කරන්නෙ වැරැද්දක් කියලා. ඒ වගේ ම අවලමේ යන ගැහැණුන්, පිරිමින් ගේ පවුල් ජීවිත කොහොම ද? ඒවා මිහිපිට අපායවල් වගේ. අන්තිමට දුක්විඳින්නේ උන්ට ජාතකවුන අසරණ දරුවෝ.. සමහරුන්ට අප්පෙක් නෑ.. සමහරුන්ට අම්මෙක් නෑ. උන්ට ඉස්කෝලෙකට යන්න විදියක් නෑ.. ගොඩක් උන්ට උප්පැන්න සහතිකයක් නෑ..

meka therun gaththa kenek una eka gena sathutui aiya..

ජංජාල චාමර June 15, 2010 at 11:27 AM  

කාලෝචිත ලිපියක්.සමාජය ගැන හොඳ විවරණයක්!

අද සමාජය ඉස්සරහා හුඟක් දෙනෙක් කරන්නේ රඟපෑමක්.තමන්ගේ හිත ඇතුලේ කුණුගොඩවල් තියාගෙන , පිටතට පෙන්නන්නේ සුදන මූණක්.

ඕක "ඉහල යැයි සම්මත" සමාජය තුල වැඩියි.මොකද දුප්පත් මිනිහට හංගන්න දෙයක් නෑ!වෙන ගෑණු/මිනිස්සු පස්සෙ යන්න සල්ලිත් නෑ!

ඒ වුණාට බෙන්ස්වලින් , ප්‍රාඩෝවලින් එහෙ මෙහෙ යන,අතට පයට වැඩකාරයෝ ඉන්න , බහුජාතික සමාගම්වල උසස් ධූර හොබවන මහත්වරු/නෝනාවරුන්ගේ සැබෑ ජීවිත ඇතුලට එබිල බැලුවොත් පෙනෙයි ගද ගහන "කුණුගොඩක්"

Unknown June 15, 2010 at 5:58 PM  

@ nirahankaara ahinsakaawi
ඒක තේරිලා ගොඩාක් කල්..මේ පැත්තට ඇවිත් අදහස් දැක්වීම ගැන සතුටුයි...
ජයවේවා!!!

@ජංජාල චාමර
ඇත්ත කථාව..මෙහේ වගේ හිරවුන, කොටුවුන ජීවිත නෙවි ගම්වල තියෙන්නේ.ඒවා ගොඩක් විවෘතයි.ගම් වල ගොඩක් වෙන්නේ අනිත් උන්ට හොරා මුකුත් කරන්න බෑ..ඒ වාගේ ම මිනිස්සු හොයන්නෙත් ඔය වගේ ආරංචි තමා. නගරයට සාපේක්ෂව ගම්වල ඔය වගේ දේවල් අඩුයි නම් තමා.ඒත් ඕනතරම් ඒ වගේ දේවල් මම අහලා,දැකලා තියෙනෝ.. වෙනස තමා තවමත් ඒ වගේ දේවල් ගමට අසාමාන්‍යයි.නමුත් අරුමයක් නෙවි..ඒත් දැන් ඒක නගරයට සාමාන්‍ය දෙයක්වෙලා.කලක් යද්දි ගමටත් වෙන්නෙ ඔය සෙතේ ම තමා.
මේ පැත්තට ආවාට, අදහස් දැක්වූවාට බොහො ම ස්තූතියි..
ජයවේවා!!!

CharithD June 19, 2010 at 5:26 PM  

ලෝකය ගෝලාකාරයි, මිනිසුන් විවිධාකාරයි කියලා තමයි මචං කියන්න තියෙන්නෙ :p

Unknown June 20, 2010 at 10:04 AM  

@MANJU
හ්ම්..ඒක නම් ඉතින් එහෙම තමයි මචන්..
මේ පැත්තට ඇවිත් අදහස් දැක්වූවාට ස්තූතියි..
ජයවේවා!!!

Shadow/හේමලයා June 28, 2010 at 5:06 PM  

අමූලික ඇත්ත....අද අපේ එඋන් පම්පෝරි ගැහුවාට සර්ථක පවුල් ජීවිත ගැන.....ලංකාවේ එහෙම එක ඇත්ත්ටම තියෙනවාද......මම නම් හිතන්නේ ලාන්කික අපෙ තියෙන ලොකුම වැරැද්ද අපෙ හිත්වල තියෙන කුහක කම.......අපි හැම වෙලාවෙම බලන්නේ අපෙ ඇත්ත තත්ත්වය සඟවා ගන්න..අපි අවුරුද්දේ දවස් 365හේම දවසේ පැය 24ඒම හිතන්නේ තමන් ගැන විතරයි....ඒවුනාට අපි කවදවත් ආහ්මාර්ථය ගැන කතා කොරනවාද?.....පිවිතුරු ආදරය ගැන වල්බූත කියන පඬිතයොන අමතකයි අපිත් ලෙයින් මසින් හැදුනු සත්ත්ව කොට්ටාසයක් කියලා....ආශාව දුරු කොරනවා කියන්නේ යමක් හිතෙන්ම අත්හරිනවා මිස එක ගැන සිහින දැකදැක ඉටට නොපෙන්න්වා හිඳීම නොවෙයි කියලයි මම නම් හිතන්නේ......

Thakshila June 28, 2010 at 5:07 PM  

ඔය විදියට හිතන පිරිමි වර්තමානයේ ගොඩක් අඩුයි...මට උඹ ගැන හරිම ආඩම්බරයි මල්ලියෝ..මේක කියවද්දි මගේ හිතට දැණුන හැගීම විස්තර කරන්න අමාරුයි...මේ අපේ තාත්තාගේ අදහස් ටික උඹ ලියලාද කියලා හිතුනේ.ජීවිතේ කවදාවත් උඹට වරදින එකක් නෑ..ජීවිතේ මොන භාදා ආවත් මොනම හේතුවක් නිසාවත් ඔය අදහස් වෙනස්කරගන්න එපා..උඹ කිව්වාට අමනාපවෙන්න එපා..මගේ හදවතට ලංවුන අයට මම එහෙම තමා කථාකරන්නේ..

Unknown June 28, 2010 at 5:38 PM  

@Shadow/හේමලයා
ඒක ඇත්ත.. අද වෙලා තියෙන්නේ අපි එකිනෙකාගෙ හෙලුවට ඇගිල්ල දික්කරලා හිණාවෙන එක.. ඒ උනාට එහෙමෙ කරන ගොඩක් උන් දන්නේ නෑ උන් ඉන්නෙත් හෙලුවෙන් කියලා.ඔව්, ආශාවන් අත්හරිනවා කියන්නේ හැගීම් පාලනය කරගෙන කරන දෙයක් මිසක් ලෝකෙට හොරා හැඟීම් මත්තෙ නැහෙනෙ එක නෙවි..අදහස් දැක්වූවාට ස්තූතියි..
ජයවේවා!!!
@Thakshila /
මාව මේ තරම් දිරිගැන්වූවාට බොහොම ස්තූතියි...අපෝ උඹ කිව්වාට මගේ තරහක් නෑ... එහෙම කියද්දී මගේ හිතටත් ගොඩක් සමීප බවක් දැනෙනෝ.. අක්කා කෙනෙක් මලයට" මට උඹ ගැන හරිම ආඩම්බරයි" කියලා කියනකොට දැනෙනෙ සතුට........
අදහස් දැක්වූවාට ස්තූතියි.
ජයවේවා!!!!

Anonymous December 2, 2010 at 11:03 AM  

පිරිමියෙක් එක් ගැහැණියකගෙනු ත්, ගැහැණිය එක් පිරිමියකගෙනු ත් සෑහීමකට පත්වෙnne ne.eka thamai minissunge heti.minissunge sithuwili ramuwaka dala kotukaralai thiyenne.

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.