පැල්පතට ත් වරුසාව


         නින්ඳ ත් නොනින්ඳ ත් අතර 
පොරකාපු ඇස්දෙක මත
වහලයේ ඉරටු අතරෙන්
බිංදුව බිංදුව වැටෙන වැහි බිඳු
කුප්පි ලාම්පු එළියට දිලෙමින්
රඟ දුන් අපූරුව...
ඒ මල් වරුසාව මහ වැස්සක් වී
කඩා වැටෙනවිට,
හට්ටි මුට්ටි හැළි වළං ටික
ගේ මැද මැවූ සොඳුරු රටා...
අහු මුලුවල හැංගී සිටි ගෙම්බන්ගේ
උජාරු හඬ මැදින්
පෙඟී ගිය මැටි පොළොවෙන් හමා ආපු
අපේ ජීවන සුවඳ...
අඩවන් කළ පැලැල්ලෙන්
රිංගන්නට වෙර දීපු බල්ලෙක්
ගුටිකා දුවපු හැටි...
සියල්ලක් දෙස
මුඳුන් බිත්තියේ ඉහල සිට
උපේක්ෂාවෙන් බලාසිටින
දුම් වැදී කිලිටිවූ
සීවලී හාමුදුරුවෝ.....

3 comments:

Anonymous May 26, 2010 at 1:27 AM  

ලස්සන සිතුවිළි ටිකක්..මේක ඔබේ අත්විදීමක් නොවෙන්න ත් පුළුවන්.
ඒත් නියමෙට ලියලා තියෙනවා..
well done

CharithD May 31, 2010 at 10:04 PM  

වෙන්න පුලුවන් ගොඩක් දෙවල් වෙලා බඩ ගලා ,දණ ගලා කටු කලා මෙතනට අවිත් ආපහු හරිලා බලනකොට ටිකක් අපි ගැන අපිටම ආඩම්භරයි නේද බං,,,ඒ අත්දැකීම තමයි අපි අද මිනිස්සු කරලා තියෙනේ..නැත්නම් අපිත් සිනිබෝල දෙකේ පන්තියෙ එවුන් වගේ ඉදී,,,,,,,

Unknown June 5, 2010 at 12:33 AM  

ඒක ඇත්ත..ජීවිතේ ගොඩ නැගෙන්නෙ අපි ලබන අත්දැකීම් වලින්. දුක සැප ඒ හැම දෙයක්ම දරාගෙන ජීවිතේට මුහුණ දෙන්න අතීතයේ අත්දැකීම් වලින් ලබපු පන්නරය ගොඩක් වැදගත්...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.