පොෂ් ඩයල් සහ අලයෝ...


මා හුදෙක් මේ post එක ලියන්නේ කුමන හෝ පුද්ගලයෙක්, පුද්ගලයන් පිරිසකට අපහාස කිරීමට හෝ අපහසුතාවට පත්කිරීමට හෝ මඩ ගැසීමකට හෝ නොවන බව කරුණාවෙන් සලකන්න...මගේ බ්ලොග් එකේ විශ්වවිද්‍යාල ජීවිතය ගැනත් යමක් ලියන්න හිතුනා.. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ එයට ම ආවේණික වූ බොහෝ දේ අතරින් භාෂාවට හිමිවන්නේ විශේෂ තැනකි. එහි අමුතු ම වචන ගොඩකි. පොෂ් ඩයල් සහ අලයෝ ගැන මට අසන්නට ලැබුණේ මා සරසවියට ඒමට දින කිහිපයකට පෙර මුණ ගැසුනු මාගේ තවත් විශ්වවිද්‍යාල මිතුරෙකුගෙනි. ඔහුට අනුව පොෂ් ගොඩට බොහොමයක් අයිති වන්නේ කෙල්ලන් ය. ඔහු කී පරිදි යමෙක් පොෂ්වීමට සපුරාලියයුතු මූලික සුදුසුකම් කිහිපයක් ඇත.ඒවා මෙසේ ය.
මූලික ම දෙය ලෙස හොඳට පොලිෂ් වූ කඩ්ඩක්,
අත මිට යහමින් මුදල්,
කෙල්ලක් නම් ඇහැට කණට පෙනෙනෙ හොඳ රූප සෝභාවක්,
කොළඹ අවට පදිංචියක්
තිඹීම තවත් අනිවාර්ය්‍ය අවශ්‍යතාවක් බව ද ඔහු පැවසීය.
උන් වෙනම ම ගැට්ටක් ගහගෙනලු ඉන්නේ.
ගමන් බිමන් තම තමන්ගේ ම වාහන වලින් ලු.කථා කරන්නේ කඩ්ඩෙන් ම ලු.

අලයන් ලෙස හැඳින්වෙන්නේ අන්තරේට සම්බන්ධ නොවන වි.වි ශිෂ්‍යයන් ය.ඔහුට අනුව සමහර වි.වි මුලුමනින් ම අල වි.වි ලෙසත් තවත් සමහර වි.වි වල සමහර පීඨ පමණක් අලයන්ගෙන් සමන්විත වේ.
අන්තරය රජකරන තැන් වල ද අලයෝ නැතුවා නොවේ...ඒ මාගේ මිත්‍රයා මට පොෂ් සහ අලයන් හඳුන්වාදුන් ආකාරයයි...ඔහුට අනුව මම අලයෙකි.. මොකද බැලිඤ්ඤං අප්පේ....
මෙහේ දේශපාලනේ නැති ලු. ටියුෂන් පංතිවලට පට්ට ගහපු කලිසම් ටිකයි, කමීස දෙකතුනකුයි දමන් එන්න, මල්ලක් හොයනකොට තමයි මට තේරුනෙ අම්මපා මං කොච්චර පොෂ් ද කියලා...



ඕං ඉතින් කොහොමහරි කොලොම්පුරේ සරසවියට ත් ආවයි කියමුකෝ...
මට දකින දකින හැම එකා ම පොෂ් ඩයල් වගේ... ඕං ටිකවෙලාවකින් දැක්කා t ෂර්ට්,ඩෙනිම ඇඳගත්තු රබර් කටු දෙකෙන් සැරසුන අපේ අයියලා කීපදෙනෙක්...ඒක මෙහේ සංස්කෘතිය. ඇති යාංතම්...
දැන් මට දැනෙන, පෙනෙන විදිය මිතුරා කිව්වා ට වඩා වෙනස්..
ඇත්තට ම මෙහෙත් පොෂ් ඩයල් අතලොස්සකි( පෙනෙන විදිය ).
උන් ඉන්නේ වෙනම ය. කන්නේ පොෂ් කෑම මිස කැන්ටිමේ උයන ඒවා නොවේ.
බොන්නේ කෝලා වර්ග මිස ප්ලේන් ටී නොවේ. මිත්‍රයා කියූ අවශ්‍යතා සියල්ල සපුරා තිඹුණ ත් මෙහේ බහුතරය මෙන් සාමාන්‍ය විදියට කල් ක්‍රියාව ගතකරන අනෙකාගේ දුකේ දී හිත උණුවන හඳවත් ඇත්තෝ නැතුවා නොවේ.
උන් කන්නේ ත් බහුතරය කන රු.25 කෑම එක ම ය. දුටු තැන වචනයක් හෝ නොදොඩා නොයති.
මෙන්න බොලේ වැඩක්....
හද්ද ඩොටෙන් ආපු සමහර කෙල්ලන් ට දැන් මුල මතක නැතිවෙලා..
පාරෙදි දැක්කත් උන් අපි අදුරන්නේ නෑ. උන් open කැන්ටීන් එකක දැකපු කාලයක් මතක නැත.
උන් ඇවිදින්නේ සමහර ශරීර අවයව නලලට ත් උඩින් තියාගෙන ය.
අඳින ඇඳුම් දැක්කා ම දුක හිතෙනවා...හ්ම් පොෂ් ඩයල් ගැන කථා ඇති.
මෙහේ අලයන් ලෙස හැඳින්වෙන අතලොස්සකි..සමහර පොෂ් ඩයල් ද අලයන් ලෙස හැඳින්වේ....
ඔවුන් දැකගත හැක්කේ lecture එක්කදී පමණි.campuss එකට එන්නේ lectures, assignments ඇති දින වලට පමණි...සමහරු කැමැත්තෙන් ම අලවී ඇත. සමහරු අලයන් බවට පත්කර ඇත..කෙනෙක් ස්ව කැමැත්තෙන් අලයන්වුනා දෙන්.නමුදු අලයන් ලෙස හන්වඩු ගැසීම මිනිස්කමට නිගාවකි...කොහොම හරි රතු මල්ලි කෙනෙක් දැක්කොත් කියවි තොපි ඔක්කෝම අල කියලා..පොෂ් ඩයල් ද උන්නා දෙන්..ඔවුන්ගේ මානය කෙදිනක හෝ දුරුවේවි.නැතත් අපට මොකෝ???

9 comments:

නිෂ් May 7, 2010 at 9:12 PM  

අද තමයි මේ බ්ලොග් 1 දැක්කේ
කලින් ලිපිත් ලස්සනට ලියල තියනවා
good job...

දසුන් May 7, 2010 at 9:19 PM  

උඹ කතාව හරියට ඉවර කරල තියෙනව...කියන්න ඕන උන්ට පුළුවන් හැම විදිහකටම කිව්ව...ඒත් උන් කැමති පාර ඒක නම් ඔහේ ගියාවේ...

සු May 7, 2010 at 10:18 PM  

එළ කතාව.. ඔය වර්ග කිරිල්ල නම් කිසිම පදනමක් නැහැ... ගමෙන් ආවා කියලා ඒ විදිහම පවත්වාගෙන යන්න ඕන නැහැ ඒත් (හද්ද ඩොටෙන් ආපු සමහර කෙල්ලන් ට දැන් මුල මතක නැතිවෙලා..) කතාවෙනම් ලොකු ඇත්තක් තියෙනවා....

Unknown May 7, 2010 at 10:26 PM  

සිරා කතාව මචං. අපිත් එක්ක එක කෝච්චියේ එක පොල් කේක් කෑල්ල බෙදාගෙන කාපු එවුන් ඉන්නවනේ දැන් අපෙ මූණ බලන්නෙ නැති. පොෂ් වෙනවා කියල එහෙමත් පොෂ් වීමක්.

Chinthana Jayaweera May 8, 2010 at 11:20 AM  

ela!

Unknown May 10, 2010 at 2:13 PM  

අදහස් ඵල කරපු අයට ස්තූතියි...!!!
අනිවාර්ය්‍යයෙන් ම මං පිළිගන්නවා ගමෙන් ආපු උන් ඒ විතියට ම ඉන්න ඕනේ නෑ කියළා. "හද්ද ඩොටෙන් ආපු" එම යෙදීමෙන් ඈත දුෂ්කර පළාත් වලින් ආපු ජීවිතෙ නොයෙකුත් වද වේදනා විදලා නොකා නොබී කොහොමහරි ඉගෙනගෙන මෙතනට ඇවිත් පොළොවෙ පයගහලා ජීවත්වෙන කාගේ හෝ සිත් රිදුනා නම් මං ඒ ගැන කණගාටුවෙමි...!!! මට කියන්න ඕන වුනේ ඒ වගේ ඇවිත් මුල අමතක කරලා අඩි ගානක් උඩින් යන උන් ගැන..

Chamin May 11, 2010 at 8:39 AM  

මුල අමතක එවුන් වැඩි කල් පවතින්නේ නැත.ඔවුන් පුම්බපු බැලූන් වගේය.පොලොවේ පය ගහලා ඉන්න උන් පමණක් ජීවිතයේ සතුටින් ජීවත් වේ.පොලොවට උඩින් යන එවුන් බොරුව්ට සතුට පෙන්වයි.
ඔන්න තටයා මමත් පටන් ගත්තා....................

Mandy May 15, 2010 at 4:44 AM  

ela lipiya malli jaya veva

ක්‍රිශාන් December 14, 2010 at 3:05 PM  

හුගක් දෙන වැරදියට හිතන් ඉන්න මාතෘකාවක් ගැන ලියල තියෙන්නෙ අපුරුවට... සිරාවට උඹ වදින්න ඕන තැන් වලට ගානට වදින්න ලියල තියනව... ඔහොම යන්....

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.