අතීතයේ අඳුරු සෙවනැළි...

සිත පහුරු ගාමින්
හඳවත දෙබෑ කරමින්
මා සතුට පැහැර ගන්නා
භිය, ශෝක, නින්දා.....
මා වග කිවයුතු නොවන
මා හිමිකරගත්තේ ද නැති
මා සන්තක වූ
අතීතයේ අදුරු සෙවනැළි
හඹා එයි පසුපස....
මා වරදක් කර නැත.
කරන්නට අදහසක් ද නැත
නමුත් කිම ද
මා අතැර නොයන්නේ...
නැගී බිඳෙන රැළි සේ...
ඇතිවී නැතිවන
මා සිතේ

අඳුරු සෙවනැළි....

4 comments:

Raven May 4, 2010 at 12:52 PM  

අතීතයේ සමහර සටහන් වලින් මිදීම තරමක් දුෂ්කරයි තමයි. ඒ හැඟීම් පදපෙළට නගන්න ගත්ත හොඳ උත්සාහයක්.

Anonymous May 4, 2010 at 2:30 PM  

අදූරු සෙවනැල්ල
පසු පසින් එයිද
නොදැනෙන පරිදි
නුඹට රිදවයිද

පසු නොබල යන්න
හෙට දිනට ඉන්න
අද ගමන යන්න
ඊයේ වලලන්න........

Unknown May 4, 2010 at 3:22 PM  

ඔබගේ අදහසට ගරු කරමි...
ඒක ඇත්ත තමයි.මා යන ගමන අනිවාර්ය්‍යන් ම යනවා..එත් සමාජය තව ම ඉන්නේ මගේ අතීතයේ..අවස්ථාවක් ලැබුණ ගමන් උන් මාව නොමරා මරනවා....

Thakshila June 28, 2010 at 4:58 PM  

මේ පෝස්ට් එක දාපු කාලෙම අදහසක් පලකරන්න තිබුණානම් තමා හොඳ..මම හිතනවා දැන් ඒ අඳුරු අතීතයෙන් මිඳිලා වර්තමානයට සාර්ථකව මුහුණදෙනවා ඇති කියලා..ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!!!

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.