හදේ දොරගුලු විවර කෙරුවෙමි
මගේ හදට නුඹ ආ නිසාවෙන්...
කඳුලු තරු කැට සඟව ගත්තෙමි
දමා යන්නට බැරි නිසාවෙන්...
පෑරුනා සිත, බොඳවුනා පෙම
සිත් රිදුම් වැඩිවූ නිසාවෙන්...
එපා එන්නට මගේ දිවියට
යලි ඉඩක් එහි නැති නිසාවෙන්...
හදේ දොරගුලු යලි වසන්නෙමි
පුරුදු තනිකම සුව නිසාවෙන්...
බිදුනු හදවත තව ම වැලපෙයි
මතකයන් මා ලඟ නිසාවෙන්....
__________________________________________________________
6 comments:
හ්ම්ම්ම්ම්!
ඇත්තෙන්ම...වෙලාවකට මටත් එහෙම්ම හිතෙනවා....මගේ ජීවිතයටත් තනිකම හොදා...
"බිදුනු හදවත තව ම වැලපෙයි
මතකයන් මා ලඟ නිසාවෙන්...."
ඇත්ත හිතේ පතුලටම වැදුනු මතකයන් හිතෙන් මකලා දාන්න බැහැ....
ඒත් ජීවිතේ කියන්නේ අභියෝගයක්... තනිකම හොදා නෙවී තනිකම දිනන්න.... මේක කියන්නේ දිල් අක්කාටත් එක්කමයි....
හ්ම් හ්ම්....බලමු බලමු....
නැවත ආවත් මුලින් ආවත්
වැඩිය වෙනසක් නෑ
ගණන් ගන්නට තරම් විපතක්
තවම සිදුවී නෑ
(වැඩිය සංවේදී වෙන්න එපා)
හැම දෙයක ම අනිතිමට කියවෙන්න
නොවෙනස්වන එක ම දෙය වෙනස්වීම කියලා තමයි...
ලස්සන පද ගැලපුමක් මචං...
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්රතිචාර මෙහි ලියා යන්න.. ප්රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..