බේබද්දෝ

වත්මන් සමාජයට පිළිලයක් බවට අද මත්පැන් පත්ව ඇත.
සෑම තරාතිරමක ම, සෑම සමාජ කොට්ටාශයක ම අඩු වැඩි ලෙස මතට ඇබ්බැහි වූවන් දැකගත හැක.
දුකට, සතුටට,ජොලියට, ආතල් එකට, කට්ටිය සෙට් වුනා ම යනාදී විවිධ හේතූන් මුල් කරගෙන බොහෝ දෙනා මත් ලෝලීන් බවට පත්ව ඇත."ඉඳ හිට පොඩි අඩියක් ගැහුවට කමක් නෑ, කොල්ලො උනා ම පොඩි අඩියක් ගහන්න ඕන" කියා සිතා සිටින පිරිසක් ද සිටී. සෞඛ්ය අතින් බැලුවත් මද්යසාර අක්මාව, වකුගඩු, මොළය අශ්රිත පටකයන්ට සෘජුව ම හානිකරනබව මේ සියළු දෙනා නොදන්නවා නොවේ...
අප රට ආක්රමණය කළ විදේශිකයින් පළමුව කලේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශකිරීමයි..
එසේ නොකර කවදාකවත් ඔවුන්ට අප රට අල්ලාගැනීමට නොහැකිබව ඔවුන්ට පසක්විය. එදා එකාවන් ව ජාතියක්සේ නැගීසිටි
අප ඔවුන්ගේ උගුලට අහුවිය.ඔවුන් අපව බේබදුකමට හුරුකරවිය. එතැන්පටන් අපේ සංස්කෘතිය විනාශ විය.රට ජාතිය පරිහාණියට පත් විය.අප යටත් වැසියන්, පරගැතියන් විය..බහුතරයක් බේබද්දෝ විය.සිංහලයා පිරිහුණි.

මෑත කාලීන ඉතිහාසය අරන් බැලුවහොත් අප මත්පැන් නිසා රටක්, ජාතියක් ලෙස කෙතරම් පිරිහෙලාදැයි දැකගත හැක.වරක් ලොව බහුතර බේබද්දන් සිටින රටවල් අතර මුල් තැනට පැමිණ තිබුණි.මත්පැන් නිසා අපට අහිමිවී ගිය දේ බොහෝ වෙති.
බහුතර ජනතාවගේ දරිද්රතාවට බේබදුකම ප්රධාන හේතුවක් වී ඇත.සාමාන්ය කම්කරුවෙක් සැලකුවහොත් බොහෝවිට ඔහුගේ දෛනික ආදායමෙන් අඩකටත් වඩා මත් පැන් සදහා වැයකරයි.මිනී මැරුම්, අඹු සැමි ගැටුම්, පවුල් ආරවුල් යනාදී නොයෙකුත් සමාජයීය හා සංස්කෘතික ගැටලු බහුතරයකට බේබදුකම හේතුවී ඇත.මත් පැනෙන් අපට ලැබෙන වාසියක් නොමැත. විවෘත ආර්ථිකයත් සමග මද්යසාරය විවිධ වෙස් වලාගෙන අප රට කරා පැමිණ ඇත.ඉතින් අපට කළ හැක්කේ කුමක් ද?මේ මහා විනාශයට ගොදුරුවී ඇත්තේ සිංහල බෞද්ධයා ය. දැනට අවුරුදු කිහිපයකට පෙර සෝම හිමියන් විසින් සිංහලයාට සිදුවී ඇති විපත පෙන්වාදී රටක් ලෙස ඉදිරියට යෑමට මහජනයා පොලඹවමින් විශාල මෙහෙයක් කරන ලදී.මතට ඇබ්බැහි වූවන් උත්සාහ කරනුයේ තවත් උන් තම ගොඩට එකතු කරගැනීමට යි.ඔවුන් තමන් වීරයන් ලෙසත් අනෙක් අය නපුංසකයන් ලෙසත් සලකති. ඒ ඔවුන්ගේ දුර්වල මානසිකත්වය යි. අප ඔවුන්ට අනුකම්පා කළ යුතු ය.

ඉතින් අප සිතිය යුත්තේ මේ යන විදියට ම යන්න ඉඩ දී අප ත් පිරීහී රට ත් පිරිහී ජාතියක් ජන්මයක් නොමැති කාලකණ්ණි හැත්තක් ලෙස යන රැල්ලට ම හසුවී එහි ගොදුරක් වෙනවාද??, නැතිනම් උඩුගම් බලා පිහිනනවාද කියා ය.

"අනිකා ඉස්සර වෙනතුරු බලා නොසිට, තම අතේ තිබෙන ගල් ගෙඩිය ඉලක්කයට ගසනු.එවිට අනෙක් උන්ද ඔබව අනුගමනය කරනු නිසැකය.."

___________________________________________________________

5 comments:

Unknown April 4, 2010 at 4:45 PM  

Well said තටයා.
මම නම් මචං බොන එවුන් සීයක් මැද්දෙ හිටියත් මම බොන්නෙ නෑ. අඩුගානෙ බියර් එකක් වත්. ඔය ජරාව බීලා කාටද තමන්ටත් නෑ වෙනක කාටවක්කත් නෑ.

dulani April 21, 2010 at 3:35 PM  

ඔබගේ අදහස් හරිම අගෙයි මල්ලී.ඔය වගේ හිතන අය දැන් ඉස්සරට වඩා වැඩියි. තවත් මේ පිරිස වැඩි වේවා!

Unknown April 22, 2010 at 10:56 AM  

ඔබේ දිරි ගැන්වීමට තුති...

Anonymous May 3, 2010 at 1:29 PM  

අප ඔවුන්ගේ උගුලට අහුවිය

දන්තක May 11, 2010 at 4:34 PM  

බොන එ උන් එක්ක නොබී සීටීම තමයි හපන්කම>>>>>>

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.