මායාව

හිරුත් නැති සඳ ත් නැති
කිසිදු තරුවක් ද නැති
ඝණදුරට ගොදුරක් ව තිබූ
පාලු සිත් අම්බරේ
පෑයූ එක ම තරුව නුඹයි.....
හිරු ත් නුඹ ම විය.
සඳු ත් නුඹ ම විය.........

එය මා දුටු සිහිනයකි
එනමුදු සුන්දර ය.
යතාර්ථයක් ද නැති මායාවකි....
මංමුලාවීමකි....
මොහොතකට පෑයූ
තරුවක් ම විය නුඹ...

කෙසේ වන්න ද මගේ දිවියට
ආලෝකයක් නුඹ...


________________________________________

1 comments:

Thakshila May 17, 2010 at 2:45 PM  

ජීවිතේ කාලෙන් කාලෙට අපි හිතනවිදිය වෙනස්..මුලදී හොඳයි කියලා හිතෙන දේ පස්සේ නරක විදියට හැගෙන්න පුළුවන්.. කොහොම උනත් හැමදා ම සතුටින් ඉන්නේක තමයි කරන්න ඕන..

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.