නුඹ හරිම ගුප්ත ය.
විටෙක හරි ම සැහැල්ලු ය.
සතුටෙ හි උපරිමය ට යන්නේත්,
දුකෙ හි පතුලට ම යන්නේත් නුඹම ය.
විටෙක මා නුඹ ම වෙමි.
මා සිතා සිටියේ නුඹ මාගේ කියා ය.
නුඹ මට සදාකාලිකව ම හිමි නොවන්නකි.
නුඹ තාවකාලික ව මා ලද සම්පතකි.
නුඹ මට හිමි වූ දා සිට මා ණයගැතියෙක් මි.
කිසිදා එම ණයෙන් මට නිදහස් වීමට නොහැක.
මා සැමදා නුඹ ට පෙම් කරමි.
නුඹ රැක ගැනීම මා සතු පරම යුතුකමකි.
මා සැමදා වෙර දරන්නේ නුඹ ජයගැනීමට යි.
අන් සතු නොවන නුඹ සැමදා මගේ ම ය.
....වෙන කිසිවෙකුත් නොව නුඹ මාගේ ජීවිතය යි....
_____________________________________________________________
3 comments:
ජීවිතය ගැන හොඳ විවරණයක්.
එහෙනම් තටයත් බ්ලොග් ලියනවා.
සුබ පැතුම් ඉතින් දිගටම ලියන්න. ඒකයි වටින්නෙ.
ස්තූතියි....පටන් අරන් ටික කාලයක් වෙනෝ..හරියට කරන් යන් බැරිවුනා..මෙදා සැරේ නම් දිගට ම ලියන්න තමා හිතන් ඉන්නේ..
වෙන කිසිවෙකුත් නොව නුඹ මාගේ ජීවිතය යි
Post a Comment
ඔබගේ සිතට දැණුන අදහස්, ප්රතිචාර මෙහි ලියා යන්න.. ප්රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..