ඇරඹුම

බ්ලොග් එක ලියන්න කොහොම පටන්ගන්නද මන්දා......
මුලින් ම මාව හඳුන්වලාම වැඩේ පටන්ගත්තොත් හොදයි වගේ. මගේ නම සම්පත් සුරංජි. අමුතුයි වගේ නේ....????
හ්ම්..... පොඩි කාලෙ නම් මම මගේ නම නිසා ගොඩක් චාටර් උනා... ඒ "සුරංජි" කියලා තියෙන නිසා. ඒක ඉතින් කෙල්ලන්ට දමන නමක් නේ....?????? හැබැයි දැන්නම් එහෙම අවුලක් නෑ... මම O/L වෙනකන් ගියේ අහංගම ශාරිපුත්‍ර ම.වි ට. ඒක මිශ්‍ර පාසලක්. අපේ පංතියෙත් හිටියා "සුරංජි" කියලා කෙල්ලෙක්. ඉතින් අම්බානෙට චාටර්.... ඒ කාලේ මගේ නම නිසා මං ගොඩක් දුක් වුනා..... සමහර කොල්ලො මට සුරංජි කියලා කතා කරේ මාව චාටර් කරන්නම හිතාගෙන...එහෙම නොවුනත් මට හිතුනෙ එහෙම ම යි.....O/L class එකේ දි අපිට science කරෙ ලංකා රණසිංහ කියලා මිස් කෙනෙක්. එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගුරුවරියක්.... අපි එතුමිය ට ගොඩාක් ගරුකළා...ඉතින් එතුමිය මට කතා කරෙත් "සුරංජි" කියලා.... ටික දවසක් යද්දි ඒ නම මට සාමාන්‍ය දෙයක් වුනා.... A/L කරන්න්න මහින්දෙට ගියාමත් සමහර යාළුවෝ මාව ඇමතුවේ "සුරංජි" කියලා. ඉතින් දැන්නම් ඒක නොර්මල්......මගේ නමේ කතන්දර ටික ඔහොම තමා.....
මගේ ගම අහංගම. ඒ කියන්නෙ ගාල්ලට ටිකක් එහා...මාතර ට මෙහා.....

බ්ලොග් එකක් ලියන්න හිතන් හිටියෙ කාලයක ඉඳන්....කොහොමහරි වැඩේ කල් ගියා.....
හා, හා පුරා කියලා ලියන බ්ලොග් සටහන තමා මේක....
හිතේ තියෙන දේවල්වල් අකුරුවලට පෙරලන්න සිත්තමට නගන්න පොඩි කාලේ ඉදන් පුරුද්දක් තිබුනා. ඒ දේවල්වලට ලොකු ආසාවකුත් තිඹුනා.... ජීවිතේ ගොඩක් දේවල් ඉක්මනට ම වෙනස් උන කාලයක් තමා මේ ගෙවෙන්නෙ....
එහෙම කියන්න ගොඩක් හේතු තියෙනෝ.... ඒවා පසුව ලියන්නම්..මම කොළඹ්හ විශ්වවිද්යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙ (UCSC) දෙවන වසරේ ඉන්නේ.. වෙනස් විදියට හිතන්න , වෙනස් වැඩ කරන්න ගොඩක් ආස කෙනෙක්... ඒ වාගේ ම බෞද්ධ දර්ශණය, මනෝවිද්‍යාව ගැන කියවන්න, ගොඩක් ආසයි... ඒවා අත්හදා බලන්නත් ඒවත් එක්ක ජීවත් වෙන්නත් ගොඩක් කැමතියි.... මං ඉතින් නිස්කලංක පාඩුවේ සයිලන්ස් එකේ ඉන්න තමා කැමති... මගේ ජීවිතේ නම් පටන්ගත් දා ඉදන් ම අවුල් ලෝකයක්...දැන් ඉතින් කරන්නෙ ඒ අවුල් එකින් එක විසඳන් එක....3rd shy එකෙන් තමා මෙහේ ආවෙ පන දාගෙන වැඩ කරත් කොහොම හරි ඉතින් engineering යන්න බැරි උනා... තවත් ලිව්වොත් මේක චරිතාපදානයක් වෙයි වගේ.....
හ්ම්..... මම ගැන කිවුවා ඇති වගේ....


_______________________________________________________

4 comments:

බිඟූ January 14, 2010 at 6:59 AM  

ela.
dan tiyenne liyana eka

Anonymous May 3, 2010 at 1:32 PM  

Congratulations for starting a blog !!!

ක්‍රිශාන් May 6, 2010 at 12:38 AM  

සිරාවට සතුටුයි මචෝ උඹත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත එක ගැන... ජයෙන් ජයම පතනවා සුරංජි නොහොත් තටයා නොහොත් තනිඳුට....

Thakshila June 16, 2010 at 11:31 AM  

බ්ලොග් කියවන්න ලැබෙන්නෙ කලතුරකින්. කලින් දවසකුත් මේ පැත්තෙ ආවා.ඒත් මුලින් ලියපුවා කියවන්න බැරිවුණා. පහුවෙලා හරි කියවන්න ලැබීම සතුටක්..මගෙනුත් ඔන්න ප්‍රමාදවූ සුභ පැතුමක්...!!!
දිගටම ලියන්න...

Post a Comment

ඔබගේ සිතට දැණුන අදහස්, ප්‍රතිචාර මෙහි ලියා යන්න.. ප්‍රසිද්ධියෙ ඵලකරන්න පුළුවන් විදියෙ ඒවා නම් ගොඩක් හොඳයි..


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.